Nov 1, 2009

කිරුළ සගරාවෙන්

දෙවනි දවස - 2009.10.31



ඊයේ අහස් ‍දෙවැනි හමුව.සාර්ථක සවසකි කියන්නට බැහැ.
අපි ගස සහ ළමයා පොත ගැන කතාවකින් ආරම්භය ලබාගත්තේ. නමුත් ඒ පිළිබදව කට්ටි‍යගේ උනන්දුව අඩු බවක් තිබුණා. නමුත් කතාව එතැනින් කොළරා කාලේ ආලේ පොතට මාරු වුණා.මේ පොත ගාර්ෂියා මාර්තේස්‍ ගේ Love in the Time of Cholera පොතේ පරිවර්තනය. පොත ආදරය ගැන කියල තියෙන කතන්දර...අපි කෙනෙක්ට ආදරය කරනව කියන්නෙ මෙකක්ද...ඒ බැදීම ස්වභාවය..
මුලු පොත පුරාම ආඛ්‍යා‍නය නොගැඹුරුයි. අරීසාගේ සිතුවිලි අපට එන්නේ සරලව. කියව්න්නාව ආනන්දයට පත්වීම නතර කරන්න බැහැ.
ෆර්මිනා‍ගේ හා උර්බිනෝගේ විවාහය සතුටෙන උතුරන එකක් වගේ පෙනුනත් ඇතුලත සිද්ධවෙන්නෙ මෙකක්ද කියල ප්රශ්නයක් තියෙනව.

අපි ‍බොහෙම සරලව පොත අතගා‍ලා‍ බැලුවා විතරයි.‍මේ පොත ගැනම ඉදිරියේ දවසක කතා කරනවා. හොද වැස්සකුත් ආ නිසා අපි කලින් විසිර ගියා.

ඊළග හමුව නොවැම්බර් 14.තැන තාමත් තීරණකේ නැහැ.‍ බොහෝවිට චිත්රපටියක් බලයි.

Oct 29, 2009

කිරුළ සගරාව නිකුත්වෙයි.



දිගු සූදානමකින් වෙහෙසකින් හා කාලයකින් පසු රාජකීය විද්‍යාලයීය මාධ්‍ය ඒකකයේ කිරුළ සගරාව මුද්රණයේ පවතින අතර එළඹෙන සතියේ සගරාව නිකුත්වෙයි.
මල් පිපුණු තැන්වල
පිපුණා වාගෙම
පරවෙන්නවත්
ඉඩක් නෑ

ලේ වැටුණු තැන්වල
පොළව සීතල
කල්ගියත්
උණුහුමක් නෑ

Oct 26, 2009

අහස් ගව්ව...පසු සටහන



ඊයේ ලංකා අක්ෂයේදී අහස් ගව්ව බලන්න‍ට ලැබුණා. පතිරාජ‍‍ගේ සිනමා භාවිත‍ය නම් උපරිමයි.74 චිත්රපටියක් විදිහට නෙ‍ාවෙයි සර්‍වක‍ාලීනව සින‍මා භාවිතය උපරිමයි. වි‍ශේෂයෙන් හෙ‍ාදටම දැණුන තැන අවසාන රූපරාමු ටික.විජයගෙක් කලං‍ගෙත් stills ටික උපරිමයි.
චිත්රපටිය ගැන ස‍ාකච්චාවෙදි චිත්රපටිය නවත්තන මොහෙ‍ාත ගැන වැඩිපුර ක‍තා කළා. කෙ‍ාස්තා මැ‍රෙන තැන චිත්රපටිය නවත්තන්න හොද තැනක් ඒත් ඊළග මින්ත්තු කීපයෙන් පතිරාජ අප‍ට විසදුමක් දෙනවා ඔහු අැතිකරපු ප්රශ්නයට.මේක එක කතාවක්.
මොනවා උණත් අපට දැණුනා චිත්රපටියේ අමුතු සර්වකාලීන ගතියක්.එක එක context එකේදි එක එක themes එනවා.
යන ක්රමයට අහු නොවී නිදහසේ පිස්සු කෙළින සෙට් එකේ එකෙක්ට ජොබක් සෙට් වෙනව හැමෝ‍‍මෙ කෙල්ල ස්වර්ණා උට හේත්තු වෙනවා. කොස්ත වත් කලංවත් ඒ ක්රමයට ඇදල ගන්න අනිත් උන් දගලනව.අන්ත‍ිමේ කොස්ත මැරෙනව.කලං මෙ‍ාකද්දෙ‍ා් හෙ‍ායාගන්නව.

මට වැදුණම තැන කැ‍ලෑවෙදි කොස්ත කතාවක් ACT කරන තැන.

මම උඹ‍ට ආදරෙයි හැබැයි මට බඩගිනියි.......

චිත්රපටි බ‍‍ලන ‍වැ‍‍ඩේ දිගටම ‍කෙරෙන පාටයි.අහස් කට්ටියම එකතු උණෙත් හොදයි.thanks boondi
http://ceylonaxis.blogspot.com/

ඊළග හමුව2009-10-31

අපේ ඊළග හමුව ඔක්තෝබර් 31 සෙනසුරාදා 12.30ට නිදහ‍ස් චතුරස්රයේදී......

Oct 25, 2009

පළමු හමුව 2009-10-24


පළමු හමුවට හිතූ තරම් පිරිසක් ආවේ නැතත් වැ‍‍ෙඩ් සාර්ථකයි. විවිධ මාතෘකා හරහා ගිය ක‍‍තාව ගීත‍ය ගැන කතාවක නතර වුණා. බස් සිංදු කියන්නේ culture එකක්ද trend එකක්ද කියන ප්රශ්නය වටේ කත‍ාව කැරකුණා. කොහෙ‍ාම උණත් අවසාන තීරණයක් ගැන අපි හිතුවේ නැහැ. නමුත් සෑහෙන් අධ්‍යනයකට ඒ මාතෘකාව මග පාදනවා.
ලබන සතියට කලින් මේ ද‍වසේ කතා බහ ගැන සටහනක් ලියන්න යශෝධා පොරෙ‍ාන්දු වුණා.
මීලග හමුව 31 වෙනිදා 12.30ට නිදහස් චතුරස්රයේදීමයි.