Nov 1, 2009

දෙවනි දවස - 2009.10.31



ඊයේ අහස් ‍දෙවැනි හමුව.සාර්ථක සවසකි කියන්නට බැහැ.
අපි ගස සහ ළමයා පොත ගැන කතාවකින් ආරම්භය ලබාගත්තේ. නමුත් ඒ පිළිබදව කට්ටි‍යගේ උනන්දුව අඩු බවක් තිබුණා. නමුත් කතාව එතැනින් කොළරා කාලේ ආලේ පොතට මාරු වුණා.මේ පොත ගාර්ෂියා මාර්තේස්‍ ගේ Love in the Time of Cholera පොතේ පරිවර්තනය. පොත ආදරය ගැන කියල තියෙන කතන්දර...අපි කෙනෙක්ට ආදරය කරනව කියන්නෙ මෙකක්ද...ඒ බැදීම ස්වභාවය..
මුලු පොත පුරාම ආඛ්‍යා‍නය නොගැඹුරුයි. අරීසාගේ සිතුවිලි අපට එන්නේ සරලව. කියව්න්නාව ආනන්දයට පත්වීම නතර කරන්න බැහැ.
ෆර්මිනා‍ගේ හා උර්බිනෝගේ විවාහය සතුටෙන උතුරන එකක් වගේ පෙනුනත් ඇතුලත සිද්ධවෙන්නෙ මෙකක්ද කියල ප්රශ්නයක් තියෙනව.

අපි ‍බොහෙම සරලව පොත අතගා‍ලා‍ බැලුවා විතරයි.‍මේ පොත ගැනම ඉදිරියේ දවසක කතා කරනවා. හොද වැස්සකුත් ආ නිසා අපි කලින් විසිර ගියා.

ඊළග හමුව නොවැම්බර් 14.තැන තාමත් තීරණකේ නැහැ.‍ බොහෝවිට චිත්රපටියක් බලයි.

No comments:

Post a Comment